SexEducation
උපත් පාලන ක්‍රම රැසයි තමන්ට ගැළපෙනම ක්‍රමය තෝරාගන්න
පවුල් සැලසුම් ක්‍රම භාවිතය කෙරෙහි බොහෝ අඹුසැමි පිරිස් නැඹුරුව සිටිති. ඒ පිළිබඳ ඔවුන් වඩ වඩාත් දැනුවත්ව සිටීම බෙහෙවින්ම වටී.
විවාහයෙන් පසු පළමු දරුවා ලැබීම ප්‍රමාද කිරීමට, දරුවන් අතර මනා පරතරයක් පවත්වා ගෙන යෑමට, දරුවන් ගණන සීමා කිරීම පිළිබඳ සිතන කෙනකුට පවුල් සැලසුම් ක්‍රමයකින් ලැබෙන පිටුවහල ඉමහත් ය.
පසුගිය සතියේ උපත් පාලන පෙති කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අප මෙවර ඉතිරි ක්‍රම පිළිබඳව දැනුවත් වෙමු.
අන්තර් ගර්භාෂිත පද්ධති ඔස්සේ කරන උපත් පාලනයන්
හෝර්මෝන භාවිතයෙන් තොරව කරන උපත් පාලනයකි. මෙහිදී සිදුවන්නේ තැන්පත් කිරීමකි. කොපර් අඩංගු ලෝහමය අන්තර් ගර්භාෂිත උපකරණයක් මෙලෙස තැන්පත් කරයි. ව්‍යවහාරයේදී බොහෝදෙනා මෙය දැන හැඳින ගන්නේ ලූපයක් පැලඳවීම යනුවෙනි. මෙය සියයට සියයකටම ආසන්නව සාර්ථකවන උපත් පාලන ක්රමයකි. කොපර් ටී, මෙලීනා ආදී වශයෙන් මෙහි වර්ග කිහිපයක් තිබේ.
මෙය තැන්පත් කිරීමට ගැබ්ගෙන නැති බව තහවුරු කරලීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ පරීක්ෂා කර බලා මිස තැන්පත් කිරීමක් සිදු නොවේ. යම් හෙයකින් ගැබ්ගෙන තිබුණි නම් ගබ්සාවක් වුව සිදුවීමට පුළුවන.
මාසික ශුද්ධවීම්වලදී උදර කුහරය තුළ වේදනා ඇති අයට අසාත්මික බවක් පෙන්වයි. එවැන්නන් මෙය තැන්පත් කිරීමෙන් වේදනාව තව තවත් වැඩි වේ. ශ්‍රෝණිය සම්බන්ධයෙන් ද ආසාදන නැති බව තහවුුරු කරගත යුතු වේ. තැන්පත් කළ පසු මුල් මාසය තුළදී ආසාදන ඇත්දැයි විමසිලිමත් විය යුතු වේ.
පුහුණුව ලත් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකුගේ මඟ පෙන්වීම යටතේ මෙවැන්නක් පැලඳවීම සුදුසු වේ. සිහි නැති කිරීමක් අවශ්‍ය නැත. ඒ සඳහා ගත වන්නේ විනාඩි 5 ක පමණ කාලයකි. මෙය අවුරුදු 5 ක කාලයක් ඉතාම සාර්ථකව ක්‍රියා කරයි. උපත් පාලන පෙති ආදිය සමඟ සසඳද්දී අමතක වීම් සිදුවීම ආදිය නොවේ.
මෙහි ඇති යම් යම් අපහසුතා අතර බිංදු බිංදු වශයෙන් රුධිරය පිටවීම ප්‍රධානය. ඇතැමුන්ට කලාතුරකින් උදරයේ වේදනාවක් හට ගනියි. තවත් කෙනකුට මෙම උපකරණය ගර්භාෂයේ සිට ආමාශ කුහරය දක්වා ඒමට පුළුවන. ශ්‍රෝණිගත ආසාදන වැඩියෙන් සිදුවීමට පුළුවන.
එන්නත්
ඩිපෝපොවේරා උපත් පාලන සම්බන්ධයෙන් ඇති ප්‍රධානම එන්නතයි. මාසික ශුද්ධවීම්වලින් පසු දින හතක් ඇතුළත මෙය ලබාගත යුතු වේ. ගැබ්ගෙන නැති බවට සහතික කොටගෙන ලබා දේ. එහි සක්‍රීයතාව මාස 3 ක් සඳහා පවති. මාස 3 කට පසු නැවත ලබාගත හැකිය. මෙය බොහෝ විට අත්බාහුව සඳහා ලබාදෙන එන්නතක් වනඅතර අතේ ප්‍රශ්නයක් ඇත්නම් කලවා සඳහා ලබා දේ.
මෙහි ද අතුරු ඵල ලෙස බිංදු බිංදු වශයෙන් රුධිරය පිටවීමට පුළුවන. කිරි දෙන මවුවරන් සඳහා සුදුසු ක්‍රමයක් වන අතර කිරි නිපදවීම සඳහා බලපෑම් ඇති නොකරයි. මඟ හැරීමක් ද නැත. සියයට 97 සිට 99 දක්වා වූ ප්‍රමාණයකින් සාර්ථක ක්රමයකි.
අන්තර් චර්මීය උපකරණ
සමේ ඇතුළු පැත්තෙන් කරලක් හෝ දෙකක් ඇතුළු කරන ක්රමයකි. කිහිලි ප්‍රදේශය වෙතින් බොහෝ විට ඇතුළු කෙරේ. හිරි වැට්ටවීමක් සිදු කොට කරල් ඇතුළු කරයි. ජඩෙල් මෙලනොකැප් යනු එවැනි අන්තර් චර්මීය හෙවත් ධ්ව්ර්ථඹ්ඒව්ඊ ක්‍රම කිහිපයකි.
මෙය ද මාසික ශුද්ධ වීමෙන් දින හතක් ඇතුළත කළ යුතුයි. ගැබ් ගෙන නොමැති බවට තහවුරු කරගත යුතුය. තනි කූරක් අවුරුදු තුනක කාලයක්, කූරු දෙකක් අවුරුදු පහක පමණ කාලයක් වලංගු වේ. බර කිලෝග්‍රෑම් 80 ට වැඩි අයකුගේ අවුුරුදු හතරකට පසු මෙහි හැකියාව තරමක් අඩුවේ. මෙහිදී යම් දුරකට සුළු රුධිර වහනයක්, අතේ සුළු වේදනාවක් හටගත හැකිය.
වන්ද්‍යකරණ සැත්කම
ස්ථිර උපත් පාලන ක්‍රමයක්වන මෙහිදී පැලෝපීය නාලය විච්ඡේදනය කරයි. මෙහිදී ඩිම්බ පිටතට නොඑයි. කුඩා ශල්යකර්මයක්වන මෙය හිරිවට්ටා සිදු කෙරේ. සීසර් ශල්‍යකර්මයක් අතරතුර ද සිදු කළ හැකියි. හිරිවට්ටා කරනුයේ ලැපරස්කොපි ක්‍රමයට ය. දරුවන් තිදෙනකුට වඩා ඇති මවට, දරුවන් දෙදෙනකු සිටී නම් බාලම දරුවාට අවුරුදු පහ පිරුණු පසු එම දරුවා දුර්වල දරුවකු නොවේ නම් මෙම සැත්කම සිදු කෙරේ. අඹු සැමි දෙදෙනාගේම කැමැත්ත ඇතිව සිදුවේ.
කාන්තාවන් සඳහා කොන්ඩම්
වර්ජනල් ස්පොන්ජ් සහ කොන්ඩම් ද උපත් පාලන ක්‍රම වේ. ලිංගික සංසර්ගයට පෙර පැලඳගත හැකි වේ. වර්ජනල් ස්පොන්ජ් බැලුමක් මෙනි. අග කුඩයක් මෙනි. අග කොටසෙන් ගැබ්ගෙල වැසේ. නිකුත්වන ශුක්‍රාණු එතැනින් එහාට නොයයි. ලංකාවේ එතරම් ජනප්‍රිය නැත. වර්ජනල් කොන්ඩම් ද එවැනිම ක්රමයකි. එහි පිටත සහ ඇතුළත ලිහිසි ද්‍රව්‍යයක් ආලේප කිරීමෙන් පහසුවෙන් ඇතුළු කළ හැකි වේ. පිරිමි කොන්ඩම් සේම මෙහිදීත් කිසියම් කෘත්‍රිම ගතියක් දැනෙනු ඇති.
ශුක්‍රණු නාශක ද්‍රව්‍ය යෝනි මාර්ගයට ස්ප්‍රේ කිරීම තවත් උපත් පාලන ක්රමයකි. සංසර්ගයට පෙර මෙය සිදු කිරිමෙන් ශුක්‍රාණු විනාශ වේ. එතරම් විශ්වාසදායක නොවේ. යම් යම් ආසාදන වැනි අතුරු ආබාධ තිබිය හැකියි.
වාසෙත්මි සැත්කම
පිරිමි වන්ද්‍යකරණ ක්‍රමයක්වන මෙය එතරම් සිදු නොවේ. බොහොමයක් පිරිමින් මෙම සැත්කම සඳහා කැමැත්ත පළ නොකරයි.
මෙලෙස ඔබේ වයසට , ආර්ථිකයට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමේ අයිතිය ඔබ සතුය. එසේ වීමෙන් ඔබේ අඹු සැමි ජීවිතය බෙහෙවින් තෘප්තිකර සරුසාර එකක් වනු ඇත.